ආදායම් බදු නිලධාරින් ලෙස පෙනි සිටිමින් මුදල් රැස් කරන කණ්ඩායමක්
දේශිය ආදායම් බදු නිලධාරින් ලෙස පෙනි සිටිමින් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් රැස් කරන කණ්ඩායමක් පිළිබඳව තොරතුරු වාර්තාවී ඇතැයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එසේ මුදල් එකතු කිරීමට කිසිදු කණ්ඩායමක් පත්කර නොමැත.
එබැවින් ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් කෙරේ.
දෙපාර්තමේන්තුව මේ පිළිබදව පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
දේශිය ආදායම් කොමසාරිස් පාලනය කරන සියලුම බදුවලට අදාල හිග බදු අය කර ගැනීමේ කටයුතු අදාල අයට ලිඛිතව දැනුම්දී නිත්‍යානුකුලව පමණක් සිදු කරන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
CATEGORIES දේශීය පුවත්
