යුක්රේන හමුදාව රුසියාවේ කිලෝමිටර් 30ක පමණ ප්‍රමාණයක් අත්පත් කරගනි
යුක්රේන හමුදාව රුසියා-යුක්රේන දේශසීමාවේ සිට කිලෝමිටර් 30 ක් පමණ රුසියාව දෙසට පැමිණ ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
කර්ස් කලාපයේ මෙම හමුදා ඉදිරියට ගොස් තිබේ. රුසියානු ගම්මාන දෙකක් යුක්රේනය අල්ලා ගෙන ඇත.
රුසියාවේ සිට යුරෝපා සංගමයේ රටවලට ගෑස් ප්‍රවාහන ප්‍රධාන මධ්‍යස්ථාන ඇත්තේ ද මෙම ප්‍රදේශයේය. යුක්රේනයට නවීන ආයුධ ලැබිමත් සමග මෙම ඉදිරි සැලසුම් සකස්වුණි.
කර්ස් කලාපයේ න්‍යෂ්ටික බලාගාරය අසල රුසියාව නව ආරක්ෂක මාර්ග ඉදිකරමින් සිටි. මීට ප්‍රතිචාර ලෙස සමස්ත යුක්රේනයම ආක්‍රමණය කරන බව රුසියාව අවධාරණය කරයි.
මෙම ප්‍රහාරවලදී රුසියානු දේශසීමා ආරක්ෂකයින් රැසක් යුක්රේන අත්අඩංගුවට පත්වී ඇත. ප්‍රහාරවලට සම්බන්ධ වු යුක්රේන භටයින් දහසක් පමණ මිය ගොස් තිබේ.
රුසියානු ගුවන් හමුදාව අදාල ප්‍රදේශයට මහ පරිමාන විනාශ කරන ග්ලයිඩර් බෝම්බ හෙලමින් ඇත. බටහිර මාධ්‍ය පැවසුවේ සතුරා පලවා හැරීමට අවසානයේ රුසියාවට තම දේශය වෙතම බෝම්බ හෙලීමට සිදුව ඇති බවයි.
රුසියානු හමුදා ප්‍රධානින් රුසියානු ජනාධිපතිවරයාට වාර්තා කර තිබුනේ ප්‍රහාරය සාර්ථකව ව්‍යාර්ථ කළ බවයි. එහෙත් ප්‍රාදේශිය ජනතාව සදහන් කළේ යුක්රේන හමුදාව පහසුවෙන් පැමිණ තම ගම්මානවලට පහරදෙන බවයි.
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වේදෙව් ප්‍රකාශ කළේ සමස්ත යුක්රේනයම අල්ලා ගැනීමට රුසියානු හමුදා අවධානය යොමු කර ඇති බවයි.
යුද්ධය රුසියාවට තුළට ගෙන ගොස් අවසන් බව යුක්රේන ජනාධිපති ව්ලෝදිමිර් සෙලෙස්න්කි පැවසීය.
