වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පඩිපාලක සභාව සහ ජනපති අතර සාකච්ඡාවක්
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700 ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07 ක් ඒ සඳහා එකඟතාව පළ කර ඇතැයි ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස පඩිපාලක සභාව අද කැඳවා ඒ පිළීබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නිති ගෙනඒමට තමන් සූදානම් බවත්, ජනාධිපතිවරයා සඳහන් කරයි.
ලංකා කම්කරු කොංග්‍රසය මහනුවර දී පසුගියදා සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික්, වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථසාධක අරමුදල්ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ජනාධීපතිවරයා එහිදී පැවසිය.
CATEGORIES දේශීය පුවත්
