විශ්‍රාමිකයන්ගේ අන්තර්කාලින මාසික දීමනාව හිඟ මුදල් ද සමඟ ඔක්තෝබරයේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත වූ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් තුන්දහසක හිඟ මුදලද සමඟ ඔක්තෝබර් මාසයේදි  විශ්‍රාම වැටුපට රුපියල් හයදහසක මුදලක් ලැබෙන බව හෙතෙම කියයි.

ඉන්පසුව නොවැම්බර්  මාසයේ සිට මෙතෙක් ලැබුණු රුපියල් 2500 දීමනාවට අමතරව අලුතෙන් ලබාදෙන රුපියල් තුන්දහසක අන්තර්කාලීන දිමනාව විශ්‍රාමිකයන්ට ගෙවන බව සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

මෙම රුපියල්  තුන්දහසක අමතර දීමනාව ගෙවීම සඳහා මුදල් අමාත්‍යංශය ද පූර්ණ ලිඛීත අනුමැතිය ලබා දී තිබේ.

කෙසේවෙතත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සැප්තැම්බර් මාසයේදී එම දීමනාව  ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව  විරෝධතාව පළ කර තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )