හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රටට විශාල සේවයක් කළ අයෙක්
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රටට විශාල සේවයක් කළ අයෙකු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හා හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ යූ.එල්.එස්. ෆාරුක් මහතාගේ 03 වන ගුණසමරුව නිමිත්තෙන් රුවන්වැල්ල. කන්නන්තොට, ප්‍රදේශයේ පැවති වැඩසටහනකට ඊයේ එක්වූ අවස්ථාවේදිය.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කර්මාන්ත වැඩසටහන, සෙවන මාපිය කැපකරු ක්‍රමය, පරිපාලනය ගමට ගෙනායාමේ අරමුණින් ඇතිකළ ප්‍රා දේශිය ලේකම් කාර්යාල වැඩපිළිවෙල හා දුප්පත්කම තුරන් කිරිම සඳහා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන අගය කළ යුතු බවයි.
එමෙන්ම රුවන්වැල්ල ආසනයෙන් 1989 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි ෆාරුක් මහතා පසුව ප්‍රවාහන රාජ්‍ය ඇමති ධුරයට පත් වූ අතර ඔහු මුස්ලිම් ජාතිකයෙකු වුවද ජාති, ආගම් භේදයෙන් තොරව පොදු ජනතාවට සේවය කළ බව අත්තනායක මහතා පැවසිය.
