ජුලි මාසයේදි විදෙස් ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 566 කට වැඩි මුදලක්
ශ්‍රි ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් ජුලි මාසයේදි විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 566 කට වැඩි මුදලක් මෙරටට එවා ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මේ වසරේ පළමු මාස හත සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 යි දශම 7 යි 1 ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබේ.
එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 10 යි දශම 3 ක වර්ධනයක් බව මහ බැංකුව පෙන්වා දෙයි.
CATEGORIES දේශීය පුවත්
