පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන මස 15 වැනිදා
ලබන මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමෙන බවට ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. විභාගය කිසිසේත්ම කල් නොදමන බවත්, විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති ආකාරයට ලබන මස 15 වැනිදා විභාගය පැවැත්වෙන බවත් ඔහු අවධාරණය කරයි. අ පො ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ නිකුත් කිරීම අරමුණයි. එම ප්‍රතිඵල ජනාධිපතිවරණයට පෙර නිකුත් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි. මේ අතර විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වෙන බවයි.
CATEGORIES දේශීය පුවත්
