පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ හා සංවිධාන කිහිපයක් සමඟ සන්ධාන ගතවෙයි

පොදුජන එක්සත් පෙරමුණ තවත් පක්ෂ සහ සංවිධාන කිහිපයක් සමග සන්ධානගත වෙයි.

ඊට අදාළ එකගතාවට අත්සන් තැබීම බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටලයේදී අද පෙරවරුවේ සිදුවෙයි.

පොදුජන එක්සත්  පෙරමුණ විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමග එහිදී සන්ධානගතවීමට නියමිතයි.

සියලු ජාතීන් නියෝජනය වන දේශපාලන එකතුවක් සහිතව එම පුඵල් සන්ධානය ගොඩනැගෙයි.

වෘත්තීය සමිති. අනුබද්ධ සන්විධාන. සිවිල් සන්විධාන විශාල සංඛ්‍යාවක් මෙම සන්ධානය සමග එක්වීමට නියමිතයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )