රාජ්‍ය සේවයේ සියලු අංශවල වැටුප් සංශෝධනයට ඇමති මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ සියලු අංශවල වැටුප් සංශෝධනයට ඇමති මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ සියලු අංශවල වැටුප් සංශෝධනය කිරීම සදහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබෙයි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සොයා බැලීමට  හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේය.

ඒ අනුව රාජ්‍ය සේවයේ සියලු තනතුරු ප්‍රධාන මට්ටම් හතරක් යටතේ වර්ගීකරණය කර තිබේ.

රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප අවම වශයෙන් සියයට 24 කින් වැඩි කෙරෙන අතර ජීවන වියදම් දීමනාව සමග දල වැටුප රුපියල් 55 දහසක් ලෙස ගෙන සෙසු සියලු තනතුරු සදහා මුලික වැටුප් ගැලපිම සිදු කෙරෙන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

ඇමති මණ්ඩල තීරණ දැනුම්දීම සදහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.

2025 පාදක වසර ලෙස ගෙන ජීවන වියදම් දීමනාව සදහා සිදුකර ඇති විවිධ ගැලපිම් හා මේ වනවිටත් එක්කර ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කර සියලුම රජයේ සේවකයන් සදහා ජිවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25 දහසක් ලැබෙනු ඇත.

එය සෑම වසර තුනකට වරක්ම සංශෝධනය කෙරේ. විශ්‍රාමිකයින් සදහා ජීවන වියදම් දීමනාව සක්‍රීය රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් සදහා වනී දීමනාවෙන් සියයට 50 කට සමාන වනපරිදි ගෙවනු ලැබේ.  රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් ඇතුළත්ව රුපියල් දහසක දායකත්වයක් සහිත වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ද ඇරඹේ.

2030 වනවිට සමස්ත රාජ්‍ය සේවය ලක්ෂ 10 හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කෙරෙනු ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )