
දුෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය පෙනී සිටියි
වත්මන් දුෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය පෙනී සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු තංගල්ල, මාතර හා ගාල්ල නගරවලදි පැවැත්වෙන ජනහමු 3 කින් ලබන සෙනසුරාදා ඇරඹෙයි.
ගෙන්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමද වැඩසටහනට ඇතුළත්ය. දැනටමත් මෙරට නිවාසවලින් සියයට 50 ක් ආවරණය කර අවසන් බව අනුර කුමාර දිසානායක මහතා කියයි.
ජාතික ජන බලවේගයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට එළිදැක්වෙයි. සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රතිපත්ති ලබන 26 වැනිදා එළිදැක්වෙනු ඇත.
