දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට මාර්ගගත ක්‍රමයට

දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට මාර්ගගත ක්‍රමයට නිකුත් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉදිපොලගේ මහතා පවසයි.

ඒ අනුව ඕනෑම අයෙකුට අද සිට තම ජංගම දුරකථනයෙන් තමන්ට අවශ්‍ය ප්‍රවේශ පත්‍රය නිවසේ සිටම ලබා ගැනීමේ හැකියාව පවතී.

ප්‍රවේශපත්‍ර ගාස්තුව ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් මඟින් ගෙවීමට හැකිය.

ඒ සඳහා QR කේතයක් හඳුන්වාදීමට නියමිතයි.  තම ජංගම දුරකථනයට ලැබෙන ප්‍රවේශපත්‍ර ඡායා පිටපත දුම්රියේ ගමන් කිරීමට ප්‍රමාණවත් බව ඒ මහතා සඳහන් කළේය.

මුල් අදියර යටතේ දිනපතා ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර ඉදිරියේදී දුර ගමන් සේවා සඳහා ද මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )