මුං වගාකල ගොවීන්ට දැඩි දුෂ්කරතා
මැදවච්චිය ප්‍රදේශයේ මෙවර යල කන්නයේ වගාකළ මුං වගාවේ අස්වනු නෙළීම මේ දිනවල සිදුවෙයි.
නමුත් තම අස්වැන්න සඳහා වෙළඳපොළේ නිසි මිලක් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවට පත්වී ඇතැයි ගොවිහු පවසති.
ආර්ථික අපහසුතා මධ්‍යයේ වගාවන් සිදුකළ ද ඊට අවශ්‍ය කෘෂි යෙදවුම් හා සේවක වැටුප් ගෙවා ගැනීමේ අර්බුදයක් මතු වී තිබේ.
මුං අස්වනු මිලදී ගැනීමේ නිසි වැඩපිළිවෙලක් නොමැති වීමෙන් ඉතා අවම මිලකට පෞද්ගලික වෙළෙන්දන්ට තම අස්වැන්න විකිණීමට ගොවීන්ට සිදුව ඇත.
මේ හේතුවෙන් ගොවීහු දැඩි අසරණභාවයට පත්වී සිටිති.
මීට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි ඔවුහු අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
