ජපානය හා තායිවානය සහයෝගයෙන් ක්‍රියා කිරීමේ එකඟතාවක
තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරභාවය සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමට ජපානය හා තායිවානය එකඟතාව පළ කරයි.
ජපානයේ ප්‍රධාන පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සහ තායිවානයේ ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයේ සාමාජිකයෝ ටෝකියෝ හිදී ඊයේ සාකච්ඡා පැවැත්වූහ.
රාජ්‍යතාන්ත්‍රික භාවය හා ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රවණතා ගැන එහිදී සාකච්ඡා කෙරිණි.
තායිවානයේ නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජපානය සමඟ එම රට සාකච්ඡා පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.
සයිබර් ප්‍රහාර මර්දනය කිරීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම අඛණ්ඩව සිදුකරන බවට ද ඔවුහු සහතික වූහ.
CATEGORIES විදෙස් පුවත්
