GIT විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවෙයි

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙවත් G I T විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවෙයි.

මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයදුම්පත් භාර ගැනීම ලබන 30 වැනිදායින් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකිය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )