රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අවශ්‍යතාව අනුර අවධාරණය කරයි

රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අවශ්‍යතාව අනුර අවධාරණය කරයි

රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අවශ්‍යතාව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

නීතිය හමුවේ සියළු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුය.

පවතින පිළිකුල් සහගත දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතු බව පවසන ඒ මහතා රටේ නීතිය ශක්තිමත් කරමින් පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. මෙරට සමස්ත දේශපාලන ව්‍යුහයම සකස් වී ඇත්තේ එකිනෙකාට විරුද්ධවයි.

එබැවින් දීර්ඝ කාලයක් තිස්සේ රටේ විවිධ ආගම් අතර සමගිය ඇති කිරීමට නොහැකි වී තිබේ.

සමගිය නිර්මාණය කිරීමට දේශපාලනඥයින්ට ප්‍රධාන කාර්යභාරයක් පැවරී ඇතැයි දිසානායක මහතා සඳහන් කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )