පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනවා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනවා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කිරීමට තම රජයක් යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා කියයි. එම පරීක්ෂණ ස්වාධීනව සිදු විය යුතුය.

මෙතෙක් ක්‍රියාත්මක කළ පරීක්ෂණවලට අදාල වාර්තා පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කර අනාගතයේ දී එවැනි අන්තවාදී ක්‍රියා සිදු නොවන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ද එම ඒකකයට පැවරෙයි.

කුරුණෑගල නිකවැරටිය ප්‍ර දේශයේ ඊයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ නොයෙකුත් අදහස් පළ වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය එම සිද්ධයි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ බවද නාමල් රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )