දේශීය ආදායම්, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුවලින් වාර්තාගත ආදායමක්
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුන 2023 දී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් කෝටි 3000ක් උපයා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් M. J. ගුණසිරි මහතා පවසයි.
මෙම ආයතන රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනයි.
අදාළ ආයතන තුනෙහි හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි නව දහසක් පමණ වෙයි. ලොව ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් සියයට 3 ත් 5 ත් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතී.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළකළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අදාල ආයතන තුන නීතිමය රාමුවකට යටත්ව බදු ආදායම් එකතු කරයි.
එම ආයතන තුනෙහි විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙනයන ප්‍රචාර ගුණසිරි මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය. සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් කෝටි 17 ත් දහස් 900 ක ආදායමක් උපයා තිබේ.
එහි මේ වසරේ ඉලක්කය රුපියල් කෝටි 23 න් දහස් 200 කි. කි. සුරාබදු දෙපාර්තමේන්තුව බලපත්‍ර නිකුත් කිරීම මගින් ද ආදායම් උපයන බව හෙතෙම සඳහන් කළේය.
