රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
රුසියාව යුක්රේනයට යලි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි. යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා පැවසුවේ මිසයිල සියයක් පමණ හා ඩ්‍රෝන ප්‍රහාර සියයක් පමණ තම රටට එල්ල වු බවයි.
ප්‍රහාරවලින් මේ දක්වා සිදුවි ඇති මරණ සංඛ්‍යාව 6 කි. යුක්රේන බලශක්ති ක්ෂේත්‍රය ඉලක්ක කර බර අවි යොදා ගෙන ප්‍රහාර එල්ල කළ බව රුසියාව කියයි. ප්‍රහාරය හේතුවෙන් යුක්රේනයේ ප්‍ර දේශ රැසක විදුලි හා ජල සැපයුම් ඇණහිට ඇතැයි වාර්තා වෙයි.
යුක්රේනය රුසියාවේ කර්ස්ක් ප්‍ර දේශය ආක්‍රමණය කර සති 3 කට පසුව මෙම රුසියානු ප්‍රහාරය එල්ල විය. එම ආක්‍රමණයට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වන බව රුසියාව සඳහන් කර තිබිණි.
CATEGORIES විදෙස් පුවත්
