රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම හෙට
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට එළිදැක්වෙයි.
පුඵවන් ශ්‍රී ලංකා දැක්ම මුල් කරගනිමින් සකස් කර ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී එළිදැක්වීමට නියමිතයි.
රට භංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමුද්‍රිය කරා ගෙනයාමේ මුලික අදියර සහ ක්‍රමක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා ගෙනයාමේ සැලසුම් පුඵවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත්ය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන පලමු මහජන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද පස්වරුවේ පැවැත්වේ.
මහනුවරදී ඊයේ පැවැති ජනහමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් අසත්‍ය ප්‍රතිඥාදීමෙන් නොව රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමෙන් බවයි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා පස් අවුරුදු සැලැස්මක් තමා සතු බව පැවසු ඒ මහතා එම සැලැස්ම ක්‍රියාත්මක කරන අතරතුර රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ආහාර මිල හා බදුබර අඩුකර ජනතාවට ස්ථිර වශයෙන්ම සහන සලසන බවට ප්‍රතිඥා දුන්නේය.
