
ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සහාය වත්මන් ජනපතිට
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දෙයි. එම මධ්‍යම කාරක සභාව හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් මෙම තීරණය අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ස්තූතිය ප්‍රකාශ කළේය. රට ඉදිරියට ගෙනයා හැක්කේ මෙවන් එකතුවක් මගින් පමණක් බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
අනෙකුත් කණ්ඩායම් සාම්ප්‍රදායික දේශපාලනයේ නිරත වන අවස්ථාවේ දී තම අරමුණ සියළුදෙනා එක් කරගනිමින් රට ඉදිරියට ගෙනයාම බව පැවසූ වික්‍රමසිංහ මහතා 1946 වසරේ එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමෙන් පසු මෙවන් එකතුවක් නිර්මාණය වූයේ පළමු වතාවට බව පෙන්වා දුන්නේය.
රට ඉදිරියට ගෙනයාමේ දී විවිධ දේශපාලන පක්ෂවල අදහස් සැලකිල්ලට ගැනීම අරමුණයි. මෙසේ ඇතිකර ගන්නා එකඟතාවන් මගින් ඉදිරියේ දී රට ගොඩනැගීමේ ජාතික රාමුව සකස් කළ හැකි බව වික්‍රමසික මහතා සඳහන් කළේය.
