
එකට එක්ව ගමනක් යාමට දැන් කාලය එළඹ ඇත
විවිධ මත දරන දේශපාලන නියෝජිතයින් සිටිය ද මහජනතාව වෙනුවෙන් එකට එක්ව ගමනක් යාමට දැන් සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවට විශ්වාසයක් ඇති වී තිබේ.
රට නිසි මාර්ගය සඳහා මෙහෙයවීමට ජනාධිපතිවරයාට ජනතා සහාය හිමිවූ බව මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.
සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නොවෙයි. බොරු ප්‍රචාර තවදුරටත් සිදුකළ නොහැකිය. එබැවින් වත්මන් ජනාධිපතිවරයා පාලනයට ගෙන ඒම හැර වෙනත් කිසිඳු විකල්පයක් නැතැයි හෙතෙම සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
