සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කොමිෂන් සභාවක්
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමට නම් තම පක්ෂය යෝජනා කර ඇති කොමිෂන් සභාව ස්ථාපිත කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
පාස්කු ප්‍රහාරයෙන් මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුවිය.
යම් මට්ටමකට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන දක්නට ලැබුණද එය ප්‍රමාණවත් නැත.
සංචාරක ක්ෂේත්‍රය ගොඩනැගීමට නව අදහස් සහිත පිරිසක් සිටිය යුතුය.
සංචාරක කර්මාන්තය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතට පත්කළ යුතු බව දිසානායක මහතා සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
