ජනතා ඉල්ලීම පරිදි සුදුසු දේශපාලන තීන්දු තීරණ ගන්නවා

ජනතා ඉල්ලීම පරිදි සුදුසු දේශපාලන තීන්දු තීරණ ගන්නවා

තම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළහොත් තමාට ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් ඇතැයි එක්සත් ජනරජ පෙරමුණීණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේ නොමැති නම් අදාළ සුදුසු අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදීමට අපේක්ෂා කෙරේ. පක්ෂයක් ලෙස තනිව තීන්දු තීරණ නොගන්නා බවත් සන්ධානගත වී සිටින පිරිස සමඟ ඇති කරගන්නා සම්මුතියකින් අනතුරුව තීරණ ඉදිරිපත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙය රට වෙනුවෙන් හා රටේ දරු පරපුර වෙනුවෙන් තීරණ ගත යුතු අවස්ථාවක් බව රණවක මහතා කියා සිටියේ පන්නිපිටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකට එක්වෙමිනි. 2028 වසරේ දී එකවරම විදෙස් ණය ගෙවීමට මෙරටට සිදුවෙයි.

බලයට පත්වන කවර ජනාධිපතිවරයෙකු වුව ද එම අභියෝගය භාරගත යුතුය. එම ක්‍රියාවලිය සඳහා සමත්කම් දක්වන රජයක් පිහිටුවීම ජනතාවගේ වගකීමක් වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )