පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් සහිත ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක්

පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් සහිත ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක්

ගෝලීය තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් මෙරට නිර්මාණය කිරීම වෙනුවෙන් 2023 – 2027 කාලය දක්වා වන පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම සහිත ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කර අවසන් බව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසයි.

එය ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වන විටත් ඉදිරිපත් කර තිබේ. එමගින් 2030 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය සියයට 16 සිට සියයට 20 ක් දක්වා ඉහල නැංවිය හැකිය. ශ්‍රම බලකායට වන ව්‍යවසායකත්ව දායකත්වය ද ඉහල නැංවෙයි. දළ දේශීය නිෂ්පාදිතයෙහි කාර්මික අපනයනයන්ගේ දායකත්වය ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

වීරසිංහ මහතා මේ බව සඳහන් කළේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. වර්තමානයට මෙන්ම අනාගතයට ද ගැළපෙන පරිදි කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා අවසන් කෙටුම්පත ද නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

පසුගිය කාලයේ මුහුණදීමට සිදුවූ ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා කර්මාන්ත අමාත්‍යංශය සුවිශේෂි දායකත්වයක් සැපයීිය. නිෂ්පාදන කර්මාන්ත සඳහා හිතකර පරිසරය සැකසීම යටතේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. කර්මාන්ත අමාත්‍යංශය යටතේ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම හඳුන්වා දී ඇත.

ඒ යටතේ පසුගිය ජුනි මාසය දක්වා කර්මාන්ත 3925 ක් ලියාපදිංචි වී ඇතැයි වීරසිංහ මහතා සඳහන් කළේය. මේ වන විට කර්මාන්ත ලියාපදිංචි කිරීම අන්තර්ජාලය මගින් සිදුකෙරේ. එමගින් ලෝකයේ ඕනෑම රටක සිට අදාළ කටයුතු සිදුකර ගැනීමේ හැකියාව පවතී.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි කම්හල 2022 වසරේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කඩදාසි මෙට්‍රික්ටොන් 3800 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇතැයි හෙතෙම පෙන්වා ඳාුන්නේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )