
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනියි
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අද වැඩ භාර ගත්තේය. අමාත්‍ය විජිත හේරත් මහතා ගුණසේකර මහතාට අදාළ පත්වීම් ලිපිය පිරිනැමීය. උදිත ගයාෂාන් ගුණසේකර මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස ද ක්‍රියාකර තිබේ. සංස්ථාවට පැමිණි නව සභාපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ ජනතාවට අවශ්‍ය මාධ්‍යකරණයේ නියැලීමට සියලුදෙනා ක්‍රියාකල යුතු බවයි. දේශපාලන විලංගුභාවයකින් තොරව මාධ්‍ය පිලිබද නිදහසේ සිතා බලා ක්‍රියා කල යුතුය. ඒ සදහා වත්මන් රජය යටතේ අවස්ථාව ලබාදි ඇතැයි ගුණසේකර මහතා පැවසිය. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරියට ගෙන යාමට නම් සියලුදෙනා සතුව ඇති හැකියාව සහ ශක්තිය කේන්ද්‍රගත කල යුතු බව හෙතෙම සදහන් කලේය.
මෙහිදි අදහස් දැක්වු සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් ධම්මින්ද කුමාර මහතා සියලුදෙනාගේ කැපවීම, ධෛර්යය හා අධිෂ්ඨානය මගින් ජනතාවට ප්‍රශස්ථ මට්ටමේ සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දුන්නේය. ජාතික ගුවන් විදුලිය දැනටමත් ජනතාව වෙනුවෙන් සුවිසල් මාධ්‍ය මෙහෙවරක නිරත වී සිටින අතර එය තවදුරටත් ඉහල නැංවීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
සංස්ථා පාලන හා මානව සම්පත් අධ්‍යක්ෂ පද්මසිරි හෙට්ටිආරච්චි මහතා ද මෙහිදී අදහස් දැක්වීය.







