ශක්තිමත්, කාර්යක්ෂ්ම, ජනතා කේන්ද්‍රිය රාජ්‍ය සේවයක් ඇතිකිරිම  රජයේ අරමුණයි

ශක්තිමත්, කාර්යක්ෂ්ම, ජනතා කේන්ද්‍රිය රාජ්‍ය සේවයක් ඇතිකිරිම රජයේ අරමුණයි

ජනතා සම්පත්  භුක්ති විඳිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවාවක් වෙනුවෙන් එක්ව ක්‍රියා කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පැවසුවාය.

දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය කෙරෙහි මහජන විශ්වාසය ජාතිය ගොඩනැඟීම සඳහා ඉතා වැදගත් බව ඇය  පවසයි . රජය කිසිවිටෙකත් රාජ්‍ය සේවය පිළිබඳව අඩු තක්සේරුවකින් නොසිතන බව ඇය අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් පැවසුවාය.

සෑම  අවස්ථාවකදීම මහජන විශ්වාසය ගොඩනැඟෙන ආකාරයට  ක්‍රියා කළ යුතුය.  වර්තමානයේදි දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවාව කෙරෙහි  ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදය මුසු ආකල්පයකි.  එබැවින් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය නිශ්ඵල බවට මහජන මතයක්ද  නිර්මාණය වී ඇත. මේ නිසා ශක්තිමත්, කාර්යක්ෂ්ම, ජනතා කේන්ද්‍රිය රාජ්‍ය සේවයක් ඇතිකිරිම  රජයේ අරමුණ බව  අමරසුරිය මහත්මිය පැවසුවාය.

ජනතාව ඉකුත් ජනාධිපතිවරණයේදී තම තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම් හා දුටු දේවල් අනුවය.  මෙවර පැවැත්වූ මැතිවරණය පක්ෂ වලින් මෙහෙය වූ මැතිවරණයකට වඩා ජනතාව විසින් මෙහෙය වූ  මැතිවරණයක්  ලෙස හැඳින්විය හැකි යැයි ඇය පෙන්වා දෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )