ස්ථාවර ආර්ථික හා සාමාජයීය දියුණුවක් වෙනුවෙන් චීනයේ සහය

ස්ථාවර ආර්ථික හා සාමාජයීය දියුණුවක් වෙනුවෙන් චීනයේ සහය

මෙරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවී රටේ ස්වෛරිභාවයට ගරු කරමින් ශ්‍රි ලංකාවේ ස්ථාවර ආර්ථික හා සාමාජයීය දියුණුවක් වෙනුවෙන් ඵලදායි කාර්යභාරයක් ඉටු කිරිමට චීනය සූදානම් බව  චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලින් ජියැන් මහතා පැවසීය.

චීනය අතීතයේ සිට ශ්‍රි ලංකාවේ මිතුරෙකි.   නව ජනාධීපතිවරයාට සුබපැතුම් එක් කරමින් ඔහු තවදුරටත් පැවසුවේ දෙරටේ සංවර්ධන ක්‍රමෝපායන් අතර   වැඩි සහයෝගීතාවක් ඇති කිරිමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.  නව රජයේ නව පරිපාලනය සමඟ එක්ව ක්‍රියා කිරිමට සූදානම් බවද චීනය සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )