
ලෙබනනයට දින 21 ක සටන් විරාමයක් ඉල්ලා බටහිර රටවලින් යෝජනාවක්
ලෙබනනයට සටන් විරාමයක් ඉල්ලා රටවල් 12 ක් යෝජනාවක් ඉදිරිපත් කරයි.
දින 21 ක සටන් විරාම කාලයක් මේ සඳහා යෝජනා කර ඇත.
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්නවීමත් සමඟ ලෙබනනයේ විශාල පිරිසක් අවතැන් වී සිටිති.
අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා තිබේ.
නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර මෙය නිකුත් කෙරිණි.
අමෙරිකානු සහ ප්‍රංශ ජනාධීපතිවරුන් පැවසුවේ සිවිල් වැසියන්ට නැවත සිය නිවෙස් කරා යාමට හැකි වන පරිදි ආරක්ෂාව සහතික කළ යුතු බවයි.
CATEGORIES විදෙස් පුවත්
