ශිෂ්‍යත්ව විභාගයේ ගැටළුකාරී ප්‍රශ්න සඳහා සියලු දරුවන්ට ලකුණු ලබාදීමට පියවර
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ 3 ක් සම්බන්ධයෙන් උද්ගත වු ගැටලුවට විසදුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියා කරයි.
අදාළ ප්‍රශ්ණ 3 ට සමාන ප්‍රශ්ණ ඇතුලත් ලේඛනයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇත.
එය විභාගයට පෙර දින සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය ලබාදි ඇති විසදුම අනුව මේ සදහා වඩාත් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වුයේ යැයි හදුනාගෙන ඇති ප්‍රශ්ණ 3 සදහා විභාගයට පැමිණි සියලුම දරුවන්ට ලකුණු ලබාදිම බව නිර්දේශ කර ඇත.
මතභේදයට තුඩුදුන් විභාගය යලි පවත්වන්නේද නැද්ද තීරණය කිරිම සදහා 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරිමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය ක්‍රියා කර තිබුණි.
විභාගය නැවත පැවැත්වීම කුඩා වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇතිකරනු ලැබේ.
දරුවන් සියලුදෙනාට සාධාරණයක් ඉටුකිරිම අත්‍යාවශ්‍ය වෙයි. ඒ සදහා සුදුසුම විකල්පය ලෙස අදාළ ප්‍රශ්ණ 3 ට සියලුම දරුවන්ට ලකුණු දීම යැයි විද්වත් කමිටුව නිර්දේශ කර ඇත.
මේ අනුව ප්‍රශ්ණ පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කොට ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරිමට විභාග කොමසාරිස් ජනරාල්වරයා සුදානමින් සිටියි.
