පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට සිට
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.
ලබන 8 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය.
මහ මැතිවරණයේ දී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන සියලු දෙනා නැවත අයදුම් කළ යුතුය.
පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කළ නිලධාරීන්ගේ සේවා ස්ථානය කිසියම් ආකාරයකින් මේ වනවිට වෙනස් වී තිබිය හැකිය.
එම නිසා සියලු දෙනා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරීම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක ඇස්තමේන්තුවක් සකස් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
