අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් තවත් දැඩි කෙරේ

අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් තවත් දැඩි කෙරේ

අණ පනත් මගින් පොලිසියට ලැබී ඇති බලතල අනුව ඉදිරියේ දි පොලිස් නිලධාරින් වැඩි ධාරිතාවකින් යොදවා අවශ්‍ය මෙහෙයුම් සිදුකරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි.  පොලිස් ස්ථාන මට්ටමින් ඒ ඒ ස්ථානාධිපතිවරුන්ට වගකීම් පැවරී තිබේ. එහිදි මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනිමට ඔවුන්ට බලය දී ඇත. කෙසේ වුවත් ඉදිරියේ දි ඉහල ධාරිතාවයකින් මෙහෙයුම් කටයුතු නොනවත්වා සිදුකරන  බව ඔහු මහනුවර දි පැවසීය.

මේ අතර ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරින් දහසකට වැඩි පිරිසක් ඉදිරි දිනවලදි දිවයිනපුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කෙරේ.

ප්‍රභූ ආරක්ෂක රාජකාරි සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත දෙනු ලබන පෙළඹවිමේ දිමනාව සම්පුර්ණයෙන් නවතා ඇති බවට කෙරෙන ප්‍රචාර පිලිබදව  ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි.  එහි දැක්වෙන්නේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉකුත් 22 දායින් පසු එම ආරක්ෂක රාජකාරිවල නොයෙදෙන බැවින් ඔවුන්ට ගෙවු පෙළඹවිමේ දිමනාව සැප්තැම්බර් 22 වැනිදා දක්වා පමණක් හිමිවන බවයි.  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානින් , ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරිවල යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සදහා මෙම දීමනාව ගෙවීම නතර කොට නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )