ඉන්දීය ධීවර යාත්‍රා 2 ක් සමඟ 17 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරින් මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 2 ක් සමඟ එහි සිටි 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනුනි.

ඊයේ උදෑසන සිට ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නීති විරෝධී ධීවර කටයුතුවල යෙදෙන ආකාරය උතුරුමැද නාවික විධානය නිරීක්ෂණය කළේය.

එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පළවා හැරීමට ක්‍රියා කෙරුනි.  අත්අඩංගුවට ගත් පිරිස මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබේ.

මේ වසරේ දී දැනට අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 55 ක් සහ ඉන්දීය ධීවරයින් 413 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )