ලෝක ළමා දිනයේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් රැසක්

ලෝක ළමා දිනයේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් රැසක්

හෙටට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය , පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යාන ළමයින් සඳහා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

වයස අවුරුදු 12 න් පහළ ළමයින්ට ඒ සඳහා නොමිලයේ ඇතුළු විය හැක.

ඔවුන්ගේ දැනුම, සොබාවික සම්පත් හා පරිසර සංරක්ෂණය පිළිබඳ ආකල්ප වැඩිදියුණු කිරීම, හැකියා ඔප්නැංවීම, විනෝදාස්වාදය දීම වැනි අරමුණු කිහිපයක් ඔස්සේ වැඩසටහන් පෙළගස්වා ඇත.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා වැඩසටහන් පැවැත්වෙන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මෙනවිය සඳහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )