ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි තවත් ඉදිරියට

නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි 5 වන ස්ථානය දක්වා ඉහලට පැමිණ තිබේ.

එහි ප්‍රථම ස්ථානයේ ඔස්ට්‍රේලියාව සිටින අතර දෙවන ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි.

එංගලන්තය තෙවන ස්ථානයේත්, දකුණු අප්‍රිකාව සිව් වන ස්ථානයේත් පසු වෙයි.  ශ්‍රී ලංකාවට පහලින් සිටින්නේ නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පකිස්ථානය, බංග්ලාදේශය සහ අයර්ලන්තයයි.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලි ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 3 වන ස්ථානයේ පසු වෙයි.

එහි අවසන් මහා තරගයට පිවිසෙන්නේ මුලින්ම සිටින කණ්ඩායම් දෙකයි.

අවසන් මහ තරගය ලබන වසරේ පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාවට එම ස්ථාන කරා ළගා වීමට තවත් අවස්ථාව ඇත.   මේ වනවිට එහි ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )