බිත්තර ආශ්‍රිත ආහාර වර්ග කිහිපයක මිල අඩු කරීමට පියවර
බිත්තර ආශ්‍රිත ආහාර වර්ග කිහිපයක මිලගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.
මේ අනුව අද පෙරවරුවේ සිට අඩු කළ මිලගණන්වලට එම ආහාර මිලදී ගත හැකි බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
රයිස් කොත්තු මිල රුපියල් 40 කින් අඩු කර තිබේ. ඊට අමතරව බිත්තර රොටි රුපියල් 30 කින් ද බිත්තර රෝල්ස් රුපියල් 20 කින් ද අඩු කර ඇත.
බිත්තර ආප්ප මිලද රුපියල් 70 ක් වැනි මුදලකට ලබා දිය හැකි බව ඇතැම් ආපන ශාලා හිමියෝ කියති.
CATEGORIES දේශීය පුවත්
