
බැංකු OTP අංකය වෙනත් පාර්ශ්ව සමඟ හුවමාරු නොකරන්නයි පොලීසිය පවසයි
යම් ගෙවීමක් සිදු කිරීමේ දී වාණිජ බැංකු එක් වරක් පමණක් ලබා දෙන ඕ ටී පී අංකය කිසිදු හේතුවක් මත වෙනත් පාර්ශ්ව සමඟ හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය කාලයේ මේ ආශ්‍රිතව බරපතල මූල්‍ය වංචා වාර්තා වී තිබේ.
තම පුද්ගල ගිණුම් පිළිබඳව අවධානය යොමු කරමින් එහි ආරක්ෂාව පිළිබඳව සිතා ක්‍රියා කරන්නැයි පොලීසිය අවධාරණය කරයි.
