2025 අතුරු අයවැය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට

එලඹෙන 2025 වර්ෂය සදහා වන අතුරු අයවැය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ ආර්ථික සභාවේ ප්‍රධානි මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

මහ මැතිවරණයෙන් පසු පත්වන ජාතික ජන බලවේගයේ නව රජය යටතේ අයවැය සම්මත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා අඛණ්ඩව සිදු කරමින් මහජනතාවට අවශ්‍ය සහන ලබාදීමටත්, එම අරමුදල සමග අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වනබව ඔහු පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )