ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දුත මණ්ඩලයේ ප්‍රධානින් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දුත මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණිමට නියමිතයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එවක පැවති රජය 2024 වසරේ මාර්තු මාසයේදී එකඟතාවකට පැමිණ තිබුණි.  ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක ණය පහසුකමක් මෙරටට ලබාදීමට තීරණය කෙරිණ.  එම තීරණයට අනුව  ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට එලඹුණි.  එහි ප්‍රතිඵලයක් ලෙස වරින්වර එම අරමුදලේ නියෝජිත කණ්ඩායම් මෙරටට පැමිණ එහි ප්‍රගතිය සමාලෝචනය කරති.  එම එකඟතාවලට අනුව මේ වනවිට  ශ්‍රී  ලංකාවට ණය වාරික දෙකක් නිදහස් කොට තිබේ.

තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීමේ සැසිය ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.  ඒ අනුව බලයට පත්වු නව රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන රජයේ නියෝජිතයන් , මුදල් අමාත්‍යංශයේ ප්‍රධානින් හා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ප්‍රමුඛ උසස් නිලධාරින් හමුවී මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )