අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු මතුගමදී අද පස්වරුවේ

හිටපු ඇමතිවරයෙකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මතුගම ආදාහනාගාරයේදී අද සිදු කෙරේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී මිය යන විට 74 වන වියෙහි පසු විය.

1982 දී අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස ඔහු තම දේශපාලන දිවිය ආරම්භ කළේය.

1994 දී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා අඛණ්ඩව වසර 30 ක් පාර්ලිමේන්තුවේ කළුතර දිස්ත්‍රික්කය  නියෝජනය කළේය.

කර්මාන්ත, ප්‍රවාහන ආදී ඇමති ධුර රැසක් ඔහු දරා තිබේ.

2020 මහ මැතිවරණය් දී ඔහු සමගි ජන බලවේගය සමග එක්ව තරග කළේය.

හාවා ලකුණ යටතේ නව ලංකා නිදහස් පක්ෂය බිහි කළ කුමාර වෙල්ගම මහතා  මිය යන විටද එහි නායකයා විය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )