ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට හෙලීන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්

හෙලීන් සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට ව්‍යසනකාරී ගංවතුරින් බලපෑම් එල්ලවී තිබේ.

උතුරු  කැරෝලිනාවේ එක් ප්‍රාන්තයක පමණක් අවම පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තිබේ.

මියගිය තවත් විශාල පිරිසක් පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබි නොමැත.

ෆ්ලෝරිඩාව සහ ජෝර්ජියාව වැඩිම බලපෑම එල්ලවු ප්‍රදේශ වන අතර බන්කොන්බේ ප්‍රදේශයට ද වැඩි විනාශයක් සිදුවී ඇත.

ඉකුත් බ්‍රහස්පතින්දා ෆ්ලෝරිඩාවේ ගොඩබිමට කඩා වැදුනු සුළි කුණාටුවෙන් රටපුරා අවම වශයෙන් පුද්ගලයන් 105 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )