මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධව ගැටළුක්
මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධව ගැටළු පවතින බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පවසයි. සිදුකළ පර්යේෂණ මගින් ඒ බව අනාවරණයවී ඇත. දරුවන්ට සුවබර නින්දක් ලබාදීමේ වගකීම දෙමව්පියන් සතුය.
මෙරට දරුවන් අතරේ සියයට 25 ක පමණ නින්ද සම්බන්ධ ගැටළු තිබෙන බව ඇය පෙන්වා දෙයි. පාසල් දරුවන්ට ගැඹුරු මතකයක් මෙන්ම ස්ථාවර මතකයක් ඇති කර ගැනීමට හොඳ නින්දක් අවශ්‍ය බව ඇය කියා සිටි.
උපතේ සිට මාස තුනක කාලයක් තෙක් පැය 14 ත් 17 ත් අතර නින්දක් අවශ්‍ය වෙයි. මාස හතරේ සිට අවුරුද්දක් දක්වා පැය 12 සිට පැය 16 ක් දක්වා නිදාගත යුතුයි.
වැඩිහිටියෙකු නම් අඩු තරමින් පැය 07 ක් නිදා ගැනීම අවශ්‍ය වෙයි.
CATEGORIES අවධානය පිණිසයි
